March 10, 2023

යුද්ධය අත්හල රණ විරුවෝ

යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්

ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ

 

ලියා එව්වේ - Hare :-)

No comments:

Post a Comment