සොඳුර නුඹ සයුරකි......
ආදරය, සෙනෙහස දෝරගලනා
ගිලී සිටින්නට සදාකල්, ඒ ආදර සයුරේ
සිතුවත් මා....
වටහා දුන් විට ඔබ, හිරු සයුරේ නොගිලෙන බව
වටහා ගත්තෙමි... ක්ෂිතිජයේ යතාර්ථය.........
January 30, 2013
January 11, 2013
January 4, 2013
January 2, 2013
තනිකම
තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..
December 31, 2012
පළිගැනීම
සිහිනයක අතරමග
අත් හැරුණූ කවි පදය
සිත් විලේ මල් අතර
රැඳි බඹර තුඩ වැන්න,
කවි අකුරු නොම දන්න
හිතට කවි සිත දුන්න
කවි හිතෙන් පලි ගන්න
කවිකාරි නමුත් මම
අත් හැරුණූ කවි පදය
සිත් විලේ මල් අතර
රැඳි බඹර තුඩ වැන්න,
කවි අකුරු නොම දන්න
හිතට කවි සිත දුන්න
කවි හිතෙන් පලි ගන්න
කවිකාරි නමුත් මම
December 28, 2012
December 26, 2012
සැබෑව..
සිනාසෙන්නට වෙර අරන්..
කොපුල් සැලුවෙමි මදහසින්..
දත් විලිස්සා වියරුවෙන්..
බලා ඉන්නවා කැඩපතින්..
සිනාවත් මා හැර ගිහින්.....
කොපුල් සැලුවෙමි මදහසින්..
දත් විලිස්සා වියරුවෙන්..
බලා ඉන්නවා කැඩපතින්..
සිනාවත් මා හැර ගිහින්.....
December 24, 2012
පැයක්
රන්පාට පුරහඳ
සිනාසෙන මදහස
ඉඟි කරන දෑස් කොන
උණුසුම් දෙතොලට
සිරවුන පයෝධර
මද අඳුර කැටිවුන
චිරි බිරි හඩින් නැලවෙන
පැල්ලමින් ඔපවුන
ලාබ කුටියක
ඔවුන් සැනහෙන
පසුම්බිය ඉඟි කරන
දුරට යන උණුසුම
බොහෝ කලකට ළං නොවෙන
දිර්ඝ චුම්බනය
වේලාව හැගවෙන
සිනාසෙන මදහස
ඉඟි කරන දෑස් කොන
උණුසුම් දෙතොලට
සිරවුන පයෝධර
මද අඳුර කැටිවුන
චිරි බිරි හඩින් නැලවෙන
පැල්ලමින් ඔපවුන
ලාබ කුටියක
ඔවුන් සැනහෙන
පසුම්බිය ඉඟි කරන
දුරට යන උණුසුම
බොහෝ කලකට ළං නොවෙන
දිර්ඝ චුම්බනය
වේලාව හැගවෙන
Subscribe to:
Posts (Atom)