October 18, 2022
ඇඟලුම
සැම උදෑසනක
අවදිව දත් මැද
සෝදා මුව සූදානම්ව
ඇඟලාගමි
සිනහව පිරි
අනෙකාගේ මම නම්
ඇඟලුම
ලියා එව්වේ -
Hare :-)
February 22, 2022
තහනම්!
තනි පාට කපරාරු
ලස්සන තාප්පවල
වස කැතට මැද තඩියට
දැන්වීමක් ගසා ඇත
දැන්වීම් ඇලවීම තහනම්
ලියා එව්වේ -
Hare :-)
March 25, 2021
ආණ්ඩු සහ සොමි රැළි
ඉඳ හිට හෝදන් ගියත්
වෙරළ යළි ගොඩනැගෙයි
සියලු රැළි වෙරළේ වැදී බිඳී යයි
ඉතිං ඔබ එන්න රැළි හදන්
අපි වෙරළ වෙමු
ලියා එව්වේ -
Hare :-)
March 21, 2021
ආමි නේවි එයා ෆෝස්
නිදහසේ වටිනාකම තියා
එහි තේරුමවත් නොදනිත්ද
මියන්මාරයේ ගිණි බිඳින
අණට කීකරු යකඩයන්
උන්ට ඇත්තෙවත් නැද්ද ඔළුවක්
වැලපෙන හෘද සාක්ෂියක්
අරගලය ෆේල් යැයි සිතුවත්
දිවි පුදයි මිනිසුන් තාමත්
වචනෙන් රචනයෙන් ලස්සන
මනුසත්කම මහ මුලාවක්
ලෝකය එක යායක්නම්
ඇයි රටක් ගානෙ හමුදාවක්
ලියා එව්වේ -
Hare :-)
March 10, 2021
උයන!
මල්ද පරව යයි
පත් වියලී වැටෙයි
උයන්පල්ලන් ස්ථාන මාරු වෙයි
උයන දරා වැජඹෙයි!
ලියා එව්වේ -
Hare :-)
March 5, 2021
කිල් මයි ඩිජිටල් ලයිෆ්
මිනී මැරුමක
පවුල් අවුලක
පශ්චාත් ගොසිප්
දිග බුකි ලොජික්
පින්තූර නරඹමින්
හෑලි කියවමින්
තියරි හදමින්
දැනුවත් වෙමින්
අනුනුත් අප්ඩේට් කරමින්
ජනතාව හරි සතුටින්
ලියා එව්වේ -
Hare :-)
March 4, 2021
පරණ මිනිහා
පේනවාද පිරිමි ගෑනු
නිදහස සොයන් යනවා
එක් හිතකින් ඈත් වී
වෙනත් එකකට ලං වෙනවා
මරණයත් ඉක්මවන් යන තරම්
ආදරේ වගෙ එකක වෙලෙනවා
ඉතින් ඒ පෙම් කතා වේදනාවක්නං
ඒ කනින් අහලා මේ කනින් විසි කරන්
හිත හයිය කරගනින්!
මොකද උඹ තාම
එක හිතකට ආදරේ කරන එක
ලෝකෙ හොඳම දේ කියල හිතන
පරණ මිනිහෙක්
ලියා එව්වේ -
Hare :-)
July 3, 2020
ඝණ ද්‍රව වායු
'හරි අමාරුයි ඝණ එක්ක
ගිහින් වදිනවා හැම තිස්සෙම'
ද්‍රව එහෙම කිව්වා
'ඒකට මට....'
වායු කට ඇරියා
'මට උඹෙනුත් කරදරයි ද්‍රව...'
ඝණ නිහඬවම හිටියා
ලියා එව්වේ -
Hare :-)
June 11, 2020
සරුංගල් රාත්‍රිය
නිරිත මෝසමෙන් ගුවන් බට
සරුංගල් විසි පහක් ගැණ
උදා වූ රාත්‍රී මැදියමකි
ගල් ගලින් දියකර මත්ව
රති සැපයෙන්ද තෘප්ත
මා උඳුවප් මිහිඳු සඳ යට
තුරු පත් නගන සිරි සිරිය
ගාලු පාර හූරන සක කෙලිය
ඈත උඩුබිරුලෑම විඳගෙන
සිමෙන්ති තාප්පය යා කරන
සුදු නූලක් විහිදුවමි
සරුංගල් පාවීමක මත්ව
ලියා එව්වේ -
Hare :-)
February 26, 2020
සෝෂල් ජීවිතය
දුක් කතාවලට සෑඩ්මි
පුක් කතාවලට හාහාවෙමි
වැදගත් කතාවලට ලයික්මි
බලු පැටවුන්ට හාට්මි
නොදත් කතාවලට කට බලියමි
එකඟ නොවන විට රතු වෙමි
බුකි වෝලයේ ගාටමි
සෝෂල් ජීවිතේ ගෙවමි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)