October 23, 2013

නුඹේ කඳුළැල්

පිරි කඳුළැල් සැළුණු නෙතඟින්
බලා හිඳී නුඹ ඈත අහස දෙස
බැලූ මුත් මා නුඹේ දෑස් දෙස
වරම් නැත මට කඳුළු සලන්නට

සිතෙහි ආලය පිරි ඇත තව
නුඹේ කඳුළැල් හිසරක් විය
වැදුනි හද වෙත රිදුම් දෙයි එය
කිරිමට අද කිසිත් නැත මට

පිසින්නට අද නුඹේ කඳුළැල්
සිතුවමුත් මම වරම් නැත මට
දැනුන මුත් දුක මගේ හද වෙත
කෙසේ නම් මා සනසවන්නද?

3 comments:

  1. හ්ම්ම් ,,,,,,,,,,,,ලස්සනයි

    ReplyDelete
  2. මගේ හිතටත් වැදුණා..ලස්සනයි...

    ReplyDelete