November 5, 2014
පැවිදි
ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රළ නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළපනාව වී......
November 3, 2014
ලොතරැයිය
එකතු කර
විසිකෝටියක්
එකෙකුට දෙයි
එක කෝටියක්...
October 31, 2014
තහනම්
ආදරණීය,
පර මල
October 29, 2014
දැවෙන ඔබ
දල්වන තුරු
ඉවසුම් නැතිව සිට
දල්වා,
මුළු හදවතින්ම
පහස විද..
මාගේ දෑගිලි තුලම
දැල්වී පිච්චී යන ඔබ...
හරියට
තව මොහොතකින්
අවසන් වන
මාගේ ප්‍රේමය නොවන්නේද..?
October 27, 2014
කුකවි
සතියකට වතාවක්
මහගෙදර උළු දකින
සිරිදාස කවියෙක්ය
මව් ගුණට කවි ලියන
October 24, 2014
ආදරයේ මරණය
ලා හිරු රැස් සේ මාවෙත ආ
කුනාටුවක් සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ
කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ
සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය
ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම
October 22, 2014
ආදරයද?
දහසකුත් සොඳුරු නෙත්
දුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????
October 20, 2014
සඳ රැයක වැව් දිය
උනා සළු පිළි
සඳක් වැව බැස
දිය කෙළී...
කෙනෙක් ඒ දැයි විපරමින්
තව සඳක් තරු අතර වී....
October 17, 2014
ගොවියෙක්මි
පිළිසිඳ නබෝ ගැබ
වැහිවළා කලලයක්
ප්‍රසූත කරන තුරු
බලා හිඳිමි
October 15, 2014
සරසවි පරිණාම
පොළොස් ඇඹුල්
කරවිල බැදුම්
මීට්ස් බෝල්ස්
නූඩ්ලස් වෙයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)