October 16, 2015

වතුර වගේ කවි

අදහසක් හැඩකර
නිමවන කවියකට
තමන්ගේ හැඩ දෙන්න
තනන පඬියන් කොහෙද

නොයෙක් හැඩ ගෙන
විසිතුරු මවන
ජල පොදක් මෙන්
කවියකට ඉඩ දෙන්න
සිතේ හැඩ ගන්නට
සිත් සේ විඳෙන්නට

1 comment: