රැයේ නින්දත් නොනින්දත් මැද
යොදුන් ගව්දුර අෑත නුවරක
සීතලේ ගුලි වෙමින් ඉකිලන
මහඟු ප්‍රේමය මහද සනහන
සිහිනයෙන් මෙන් ළඟට සපැමිණ
පුසුඹ ඉව කොට ගතේ දැවටෙත......
හඬක් නොනගා විටෙක මතුවන
පෙනී නොපෙනී කෙමෙන් බොඳවන
සිත පහන් වී ඔබේ රුව දැක
දෙනෙත් අග කඳුළක්ය මතු වෙන
No comments:
Post a Comment