June 20, 2012

අප්පච්චී

කඳුලු නෙතඟ පිසදාලා
මට ලංවුන අප්පච්චි.....
ඔබ තරමට ආදරේ කල
කෙනෙක් උන්නාද අප්පච්චි....

බත සරි කලේ අපි වෙනුවෙන්
බත් නැතිවද අප්පච්චි......
දුක දුරු කලේ අපි ලඟ තිබු
දුක් විඳලයි අප්පච්චි......

සොඳුරු වචන අඩු වුනාට
නුඔ සොඳුරුයි අප්පච්චි.....
අපිව අපිට දුර උනාට
බුදුසරණයි අප්පච්චි.......
 

No comments:

Post a Comment