March 4, 2012

ලෝ දිය

හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි

ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....

No comments:

Post a Comment