October 13, 2014
ළංව බැලීම
මල් පෙත්තක
අකුරු පෙළක්?
ඔහෙ පලයං
මිනි කවියක්...
October 10, 2014
ගිලිහුණු පිය සෙනෙහස
පේනු
තුනේ ප්ලග් ටොප් එකේ අර්ත් වයරේ ගැලවිලා
හෙන පුපුරන,අකුණු වදින මහා මුසල අඳුරු දවසේ
ප්ලග් ටොප් එක උණු වෙලා
October 8, 2014
නො-එබෙන යතුර
එබෙන
මිරිකෙන
යතුරු
පුවරුවේ
මැද
තනිවූ
කුහුඹුවෙකු
මෙන්
ඇඟිලි
තුඩෙන්
,
නියපොත්තෙන්
බේරී
කිසිදා
නො
-
එබෙන
යතුරක්
සොයමි
මම
October 6, 2014
තහනම්
තහනම් අඩවියේ සරණා යුවැත්තියේ
තහනම් දොරේ අත තියාපු යුවැත්තියේ
තහනම් ඵලේ රස බලාපු යුවැත්තියේ
තහනම් උනේ මාසිකයද යුවැත්තියේ
October 3, 2014
මගේ මිතුරා
රළු පොළොවේ ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නොවූ
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන බාටාවකි
October 1, 2014
බඹරු
ඉටි මලෙත්
සොයති රොන්
කවර් කෙරුමට
දවසෙ ටාගට්
September 29, 2014
සමනල් විය
ආදරෙන් දැන් බැලුවට
එදා පිළිකුල් කරපු දළඹුව
මමයි ළමයෝ.....
September 26, 2014
බැලුම් කවි
ඉරණම මගෙ පිපිරීමයි
ඒත් කඳුළු දැකුම දුකයි
එපා තවත් පුම්බන්නට
මාව චූටි දුවේ........
September 24, 2014
ව්‍යාධි
හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි
September 22, 2014
අමාවක
තාරුකී මං හෙට ඕෆ්
වැඩක් ආවොත්
පොඩ්ඩක් බලනවද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)