මිඩ්වයිෆ්ලා ඉදිරිපිට
නර්ස්ලා සටනට
ඩොක්ටර්ස්ලා සහයට
පේෂන්ට්ලා ඇපයට
May 6, 2014
May 5, 2014
අන්ප්ල්ග් බණ කියන්නේ කවදාද අනේ
දස ලක්ෂයක් ඉම්පෝටඩ් පිච්ච මලේ
පන්දාහයි ටිකට් පිංකම ඉදිරි පෙලේ
මික්සර් එකෙන් කවිබණ මිහිරියට ඇහේ
අන්ප්ලග් බණ කියන්නේ කවදාද අනේ
පන්දාහේ කොලයක් පිරිකරට තියා
මැසිමක් වොෂින් අටපිරිකර ලෙසට කියා
මහා සඟ රුවන සෝෆාවට වැඩම වලා
දානය කේටරින් එකකින් සර්ව් කලා
රහතුන් පහල වී ඇත රට හතර අතේ
බුදුරැස් විහිදෙනව දෙවියනි සෑම කොතේ
සුදු කිරි ගලනවා දුටු දුටු වෙහෙර මතේ
බුදු හිමි හිටියනම් පනිනවා ළිඳට පුතේ
May 2, 2014
April 30, 2014
April 28, 2014
උඹට කලින්...
උඹෙ හරුපෙට
මගේ හරුපේ
ගලපන්න බෑ...
මොකද උඹ වගේ නෙමෙයි මං....
උඹ ගලපන්න උත්සහ කරත්
උඹ පරාදයි....
මොකද මං දිනලා
උඹට කලින්...
මගේ හරුපේ
ගලපන්න බෑ...
මොකද උඹ වගේ නෙමෙයි මං....
උඹ ගලපන්න උත්සහ කරත්
උඹ පරාදයි....
මොකද මං දිනලා
උඹට කලින්...
April 24, 2014
මැරෙන්න කලින්....
මැරෙන්න කලින් එක මොහොතක් හරි
මම මගේ වෙලා හිටියනම්....
අද මං වලට යන්නේ රජෙක් වගේ...
ඒත් එදා උඹ මගේ ලඟට වෙලා ඉන්න කොට
උඹ වටින්නෙ නෑ....
උඹ මට එදත් ආදරෙයි..
නමුත් මං උඹට ආදරේ කරේ නෑ....
අද උඹ මට ගොඩක් වටිනවා...
ඒත් උඹ මගේ ලඟ නෑ...
වරෙන් දාලායන්න කලින් එක මොහොතක්...
මගේ අන්තිම හුස්ම පොදවත් මගේ වෙන්න....
මම මගේ වෙලා හිටියනම්....
අද මං වලට යන්නේ රජෙක් වගේ...
ඒත් එදා උඹ මගේ ලඟට වෙලා ඉන්න කොට
උඹ වටින්නෙ නෑ....
උඹ මට එදත් ආදරෙයි..
නමුත් මං උඹට ආදරේ කරේ නෑ....
අද උඹ මට ගොඩක් වටිනවා...
ඒත් උඹ මගේ ලඟ නෑ...
වරෙන් දාලායන්න කලින් එක මොහොතක්...
මගේ අන්තිම හුස්ම පොදවත් මගේ වෙන්න....
April 22, 2014
April 16, 2014
නොරටදී
තෙල් තාච්චියක
බැදෙන කැවුමක
සුවඳ දැනේ
හිතට.............
කවුලුවෙන් එපිට,
හඬ ඇසේ
නම නොදත්
කිරිල්ලක..................
සිහි වේ,
අම්මා කවන
කැවිල්ලක රස...............
අප්‍රේල්
14 දාවක් කොහිද,
සයිප්‍රසයට!!!!
April 11, 2014
ඔබේ නෙතු
දහස් ගණනින්
හමුවුණත් නෙතු ....
ඇයි ද මට ඕනෑ
ඔබේ ඒ නිල් නෙතු ....
ඇයිද නොදනිම්
තවම නොදනිම්....
April 2, 2014
ෆොටෝ ග්‍රැෆර්ට පෙම්වතියගෙන්....................
Zoom කරන්නත් එපා
Edit කරන්නත් එපා
Frame කරන්නත් එපා
අපේ ෆොටෝ එක
මෙ විදියටම
වඩා හොඳයි!!
Edit කරන්නත් එපා
Frame කරන්නත් එපා
අපේ ෆොටෝ එක
මෙ විදියටම
වඩා හොඳයි!!
Subscribe to:
Posts (Atom)