May 5, 2014

අන්ප්ල්ග් බණ කියන්නේ කවදාද අනේ

දස ලක්ෂයක් ඉම්පෝටඩ් පිච්ච             මලේ 
පන්දාහයි ටිකට් පිංකම ඉදිරි               පෙලේ 
මික්සර් එකෙන් කවිබණ මිහිරියට        ඇහේ 
අන්ප්ලග් බණ කියන්නේ කවදාද          අනේ 

පන්දාහේ කොලයක් පිරිකරට               තියා 
මැසිමක් වොෂින් අටපිරිකර ලෙසට       කියා
මහා සඟ රුවන සෝෆාවට වැඩම          වලා 
දානය කේටරින් එකකින් සර්ව්              කලා

රහතුන් පහල වී ඇත රට හතර                 අතේ
බුදුරැස් විහිදෙනව දෙවියනි සෑම          කොතේ 
සුදු කිරි ගලනවා දුටු දුටු වෙහෙර              මතේ 
බුදු හිමි හිටියනම් පනිනවා ළිඳට              පුතේ

2 comments:

  1. දන මන පිනෙන වා නම් නිවනට සරිය
    කන බොන අපිත් යන රැල්ලට ගිය සරි ය
    වන වන බෙදන ලලනාවන් පිය කරු ය
    පින වන දසුන් ඇති හිමි සිත වල් සරු ය


    ReplyDelete
  2. නියමයි සහෝ.

    ReplyDelete