May 31, 2013

ග්‍රීස් සහ දාඩිය


යන්ත්‍රයක් වූවා නම්
දැරිය නොහැකි තරම්
කැරකුණු විට
කැඩී යයි

අපි මිනිස්සු නිසා
දරන්න බැරි තරම්
දරාගෙන
තවමත් දත්මිටි කාගෙන

May 30, 2013

හැලීම

ඉන් ඉක්බිති
සියලු දෙනා
දේශන පවත්වා
උද්ඝෝෂණ කර
හලාල් වලට විරුද්ධව
අරාබි තෙල් ගැසූ
බස් වලින්
ගියාහුය
නිවෙස් වෙත....

May 29, 2013

අනේ ඌ දන්න xxxxxx!


පොඩි කොල්ලෙක්
විවාදයක කෑ ගසයි
'අන්තර්ජාලය
ලෝකය විශ්ව ගම්මානයක් බවට
පත් කර ඇත'

මට හිනාගියා
විශ්ව ගම්මානයේ මුල්ලක
වැටකින් වටව අපි
අපේ ගොඩවල් හදාගෙන
තාමත් ගොඩේ ෆන් ගෙන

අනේ ඌ දන්න අන්තර්ජාලය

May 27, 2013

රෝල්ස්


හැමෝටම ගසන්නට
කුමක් හෝ රෝලක් ඇත
කිසිවෙක් දිළිඳු නැත
අරගල කරන තරමට

May 25, 2013

බලු අදහස්

ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්
එලියෙ ලෝකය නොදත් මෙන්
අදහස් ගේට්ටු තුල සිරවූ සිත්
ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්

May 23, 2013

වර්චුවල් තම්බ්ස්අප්


මා වෙනුවෙන් දිවි පුදන්නට
හඬ නගන්නට
අයෙක් වේ නම්
මම ඔහුට සහය දෙමි
එක සිතින්
වර්චුවලි...

May 22, 2013

වලිගෙ

පරිණාමය සමග
අපේ වලිග
හැලි ගොස් ඇත

පරිණාමය නොවූ ඇතමුන්
තම වලිග
නිතරම පාග ගනිති

May 20, 2013

වැහි වලාවේ

නිරිත දිගින් හමනා වැහි වලාවේ
රුහුණට මාව සිහිකරපන් වලාවේ
සබරගමුවෙ වැහි අප්පුලා මලාවේ
කොළඹ රටට වැහැපන් වැහි වලාවේ

උයා තමා දිනුවෙ!

සල්ලි ටිකක් දෙන්න කියල
රේඩියෝ අක්කෙක් කතා කලා
ඔව් ඔව් ගෙදරටම

‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘

‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘

May 17, 2013

චිරං ජීවතු කිංස්ඩුව් මව්නි,

ඒ අපූරු නිවහන,
ජීවිතේ කියාදුන්න්,
ජීවිතේ සොයාදුන්න,
රත්තරං පිං කෙත,
කවමදාකවත් අමනක කරන්න බෑ.....

ඉතින්..
එක් සිය දෙ විසි වසරක,
අභිමානවත් රාජ පෙළපත,
තව සහස් කල් දුර දිනන්නට,
සදාදරණීය කිංස්ඩුව් මව්නි,

ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!!