August 7, 2018
සදාකාලික අමරසිරි
ප්‍රේමයේ
සදාකාලික නොවන බව
එදිරිසිංහයන්ගේ හඬට
මුහුකල
ආනන්ද අමරසිරි
නොමැරෙන සිරියකින්
ලියන්න එය
පරමාදර්ශී නොවන බවත්
July 28, 2018
මේ කවිය නුඔටමයි
තිබුණාට අාදරය - මහ මෙරක් වගෙ නුඔයි
කවි ලීවෙ නෑ නුඔට - ඒනමුත් අාදෙරෙයි
සිත ගියත් අරෙහෙ මෙහ - නැවතුනේ ඔබෙ ලගයි
හැමදා ළඟ හිඳි - නොසිතු කතාවක් ගොතයි
මෙි දිවි ගෙවෙන්නේ - නුඔෙ නමින් විතරමයි
සොදුරු සිහිනය ඔබයි - මේ කවිය නුඔටමයි
July 23, 2018
කටු
පාදයක ඇනී
ඇදුම්කන්නට පෙර
ගලවා ඉවතලිය හැක
කටුවක්
ජීවිතේ ඇනුණු කටුද
එලෙස ඉවතලිය හැකිනම්
ගලවා පහසුවෙන්
සුළු වේදනාවකින්
July 7, 2018
තෙල්
පෙට්‍රෝලියං එකේ උන්ට හරි පඩිලු මහත්තයෝ
ඕකුං නඩත්තු කරන්න තමයි
අපේ බඩට ගහන්නේ
ත්‍රීවීල් රියදුරා ඇරඹූ කතාව
නතර කලේ මම බහිද්දි...
මමත් වරායයි පෙට්‍රෝලියං එකයි
මණ්ඩලෙයි ඔක්කොම ට්‍රයි කලා
බැරිම තැන වීල් දුවන්න ගත්තා
ඒකකට ගියා නං
ගොඩමනේ ඉතිං...
March 22, 2018
ශිෂ්ඨ මිනිස්සු..2
මුහුද ද මායිම් කර අරගන්න
අහස ද කීතු කීතු කර බෙදාගන්න
ඔබට තව හැකිනම්
සුළඟ ද අයිති කරගන්න
අපියි ශිෂ්ඨ මිනිස්සු....
March 21, 2018
ගඟබඩ සිට ඔබට ලියමි
ගංඟාවෝ ගලා යති
අවට ලෝකයක් ගැන නොසිතාම
ගැඹුරුව.. නිසසලව..
බැබලෙනා ජලතලයකින්
නොපෙන්නා..
එහි පතුලේ සැඟවාන ඇති
බාධක..උඟුල්.. ආගාධ..
.............................
ගංඟාවෝ ගලා යති!
March 7, 2018
ශිෂ්ඨ මිනිස්සු
වැට බදින්න පුන් සඳට
ඉරි ගසා හිරු බෙදාගන්නට
එකක් නෑර තරු ගනින්නට
ජාතික අනුපාතයට බෙදාගන්නට
අපියි ශිෂ්ඨ මිනිස්සු....
October 18, 2017
විවාහය
නොගැලපෙන අදහස්
බලෙන් ගලපමින්
ජීවත් වීමේ..
සංස්කෘතික රාමුව
April 16, 2017
නිර්වාණය
හැගීම්
ඇසුරේ
සිර වී
පැටලැවී ලෝ දැලේ
සුස්මෙන් පීඩිතව
ලඟා වනතුරු නිර්වාණය
March 31, 2017
සුරු නිය තුඩු
කතා කරනා හැටි
රතු නිය තුඩු
මාරු කරමින අතිනත
විත පිරූ බඳුන සුරුවට..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)