September 19, 2014
විප්පයෝගෝ
සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....
September 17, 2014
රැකීම
අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......
September 15, 2014
බාදුරා ඇරයුම
සබඳ බඹර,
පියාසැරියෙන් වෙහෙසවීද
එන්න
මේ මධු බී
ගිම් නිවාගන්න...
September 12, 2014
බස් තොරණ
දෙවිවරුන් මැද
බුදුරදුන් වැඩ
විහිදුවති රැස්
නිවී දැල්වෙන.....
September 10, 2014
විත
අඩක් පුරවා
රාගයෙන්
සැන්ඩි කළෙමි
ඉතිරි අඩ
ආදරයෙන්.....
September 8, 2014
මතට තිත
තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..
September 5, 2014
නුඹ
නිසල
සිත් විල
සසල කල
ගල් කැටය
September 3, 2014
අනිත්‍ය
නැති විට වැට හෙන
ඇති විට වැට නොහැන
ජිවිත්යේ සදාතනික සත්‍ය.
September 1, 2014
අතීතය
රජෙක් විලසින්
එදා රැකි ඒ
කරල් බරවූ අතීතය
තාම මතකද
පුරන් කුඹුරේ
සුසුම් හෙලනා
වළන් මූණෝ
උඹට
August 29, 2014
සුළු දිය තදියම
ගමෙත් නගරයෙත්
වෙනස කියූ
තවත්
පොදු සාධකයකි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)