April 24, 2013

එ තරම්
නො බිදෙන බදුන්
තිබුණ මුත්
බිදෙන
බදුනට ම
සිත - ගිය
අරුමය...

April 22, 2013

හෝම් තියටර්

මගදී pause කර
ඊ මේල් බලන්නට
‍ෆේස්බුක් යන්නට
රිඩරේ කියවන්ට
නොහැකි නිසා මම
නොබලමි
හෝල් එකේ චිත්‍රපට

April 20, 2013

කරාමය/කරුමය

විනය නියෝග නියෝග නිකුත් කලා
දෙපාර්තමේන්තු කම්කරුවාට
උතුරන ජල ටැංකියේ
කරාමය වසන්නට දිව්වාට
ජාතික ගීය අතරතුර

April 19, 2013

life (2013) | වැඩිහිටියන්ට පමණයි!

අක්‍රිය මා
පසෙකට ඉඳුවා
ඉදිරියේ දිග හැරෙන


ජීවිතය
විටෙක
චිත්‍රපටියක්

April 17, 2013

සමූහ මිනී වල

ටිකක් ගොඩගන්න
සමූහ මිනීවලේ
සේරම ගොඩ නොගෙන...

ඉතිරි ටික
හිමීට ගොඩගමු
හත් අට වතාවකදි

April 16, 2013

අප්‍රේල් 16

අප්‍රේල් 14 අවුරුද්ද ඉවරයි
අප්‍රේල් 15 නෑගම් ඉවරයි
කැවුම් ටිකක් ඉතිරි වුණාට
අප්‍රේල් 16 අපි ඉවරයි

April 1, 2013

රේඩියෝ

සවන් පිනවන්න 
තරංග සමග 
සංසර්ගයේ යෙදෙන 
නාලිකා

March 28, 2013

නිදිකුම්බා ගහේ
කටු ඇණුනට
කොහොමද පිළිගන්නෙ
නපුරුයි කියලා
පුංචි දේටත්
ඇකිළෙන හැටි දැක්කම...

March 13, 2013

ව්‍යාකූල හදවත

සැලෙන මන.....
සක්මන් කරවයි නුඹව..
මායාවත්.... , යතාර්තයත් අතර
නොමදෙනු මා සොදුර
කැඩෙන්නට පිට කොන්ද

March 8, 2013

I love OS

Ios නම් අධික සීතලං
Windows නම් සෙවල පටිත්තං
Fedora නම් මට විලම්බීතං
Ubuntu නම් අග‍්‍ර බෝජනං