March 1, 2012

වෙනස

වඩාත් විනීතව
ලිපියක්ද දී
නැවත හැරී යන
සමනල

හොඳටම දගකාරව
මුහුනතම සිප
එහිම නවතින
මී මැසි

February 28, 2012

ඡන්දය

අපේ මුදල් අපිට කෙළින
අපි නොමදැන අපිම වඳින
අප හිස මත තියා හිඳින
පහෙන් පහට කල ගොංකම

February 27, 2012

එළි

ඔබ ගිය තැනක නොසිට
කණාමැදිරි එළියක් සේම
පුංචි එළි පත්තු කරන විට
මම කුමක් කියන්නද
සුපෙම්වත

February 26, 2012

අංගම

මගේ ජීවිතේට
උඹ පිම්බ හුස්ම නිසා
මම දැන්
full charge

February 25, 2012

කුරුළු පිහාටු සුප්

මටත් හොටක් ඒවිද
බීවොතින්
ඒ සුප්
කියව කුරුල්ලනි
ඔය හොට’ගින්ම

February 24, 2012

මතක

පරණ පොත්
පෙරලනා විට
පිටු අස්සෙන්
අහුවෙන
වේලිච්චි මල්

February 23, 2012

සුළඟ

නුඹත් මා පෙම්වතිය වැනිවී
නූමනා කල ළඟින් සිටිනා
ඇවැසි කල අස සේයාවකුදු නැති

February 22, 2012

නොගැලපෙන

ඒ අවන්හල
මා කෙහෙ‍රැලි කිතිකවන
කොපමණ කියන්නද
රවුම් මේස අපිට නොගැලපෙන බව

February 21, 2012

තීන්දුව

නිහඬතාවයෙන් පෙනී යන්නේ
යුෂ්මතා වරද පිළිගත් බවයි..!!!

නඩුකාරතුමා
අතවූ මිටියෙන්
මේසයට තට්ටුවක් දැම්මා..

නඩුකාරතුමාගේ තට්ටුවෙන් පෙනෙයන්නේ
ඔබතුමා මේගැන කිසිත් නොදන්නා බවයි..!

විත්ති කූඩුවේ දාරෙට
එහෙම හිතපු මම හෙමීට
තට්ටුවක් දැම්මා..

February 20, 2012

රළ

රළ නඟන එක් තැනක්
හැමදාම මතකයේ තබාගෙන
කඳුළක් වට්ටවමි