මේ මහ පොළොව
ගැඹුරෙහි
වැළලී ඇත,
සාපලත් අතීතයක
නටබුන්,
මගේම සොයුරන්
ඝාතනය කළ
මගේම සොයුරන්ද,
කුටුම්බයෙන් උදුරාගත්
සැමියන්ද,
මව්වරුන්ගෙන් වෙන්කළ
පුතුන්ද,
උනුන් එකිනෙකා සමඟ
නිදයි මෙහි,
මහ පොළොව
සමව සළකයි
සිහලුන් වුව, දෙමළුන් වුව
මුසල්මානුවන් වුව
නොදිරා ඉතිරි නොවේ.
ස්වභාව ධර්මය කිසිවකුට වෙනස් කල නොහැකිය
ReplyDeleteඑල
ReplyDeleteයලි ඉපිද යලි මියයමි
නොදනිමි ලබන ආත්මයේ
මුසල්මානුවෙක්ද
සිංහලයෙක්ද
කතෝලිකයෙක්ද
More realistic creation.
ReplyDelete