July 27, 2011

අනේ අර සඳ තාම අඬ අඬ
හිඳියි මා හොරැහින් බලා
ඇයට මම කවි නොලිය හිටියොත්
එවනවලු ඈ කළු වලා

විටින් විට සඳ වහ ගනියි වත
වෙලා-ගෙන ගත කලු වලා
මට මොකෝ වෙත ඈට කවි නැත
යවමි සේරම තරු බලා..

2 comments:

  1. වලාවකින් වැසූ සඳ මුදාහැරියා සේ ඔබේ දිවිමඟ එළිය වේවා!

    ReplyDelete