July 25, 2011

අවිහිංසක පැතුම !

කඳුළු මුතුකැට හීන අහුරා
නෙත් අඟින් මිඳිලා වැටෙද්දෙන්…
සුවඳ මැකිලා පරවු පැතුමන්
සිත් අසපුවේ විසිරී ගියාදෙන්…
මගෙන් මිඳිලා දුර ඇදෙන රුව
තවත් එක් මිරිඟුවක් වුණදෙන්…
හිතම පාරා දුකක් දුන්නත්
ඔය හිතට සැනසුම ලැබෙද්දෙන්…!

6 comments:

  1. ආදරේදි දුකත් උරුමයි...ලස්සනයි පද ටික

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ආදරේදි හිනාවෙන අයට වඩා අඩන අය වැඩි කියලා මට හිතෙනවා. ස්තූතියි දිල්

    ReplyDelete
  4. ලබා ගන්න ආදරේ වගේම, මිරිගුවක් වගේ අපෙන් මිදිලා ඇතට ඇදෙන ආදරෙත් කදු පල්ලම් මතින් ගල ගෙන යනවා.... එක දරුණුවට දැනෙන්නේ මිරිගුවක් වෙන අදරේදී විතරයි. කරන්න අමාරු ප්‍රාර්ථනාවක්.,,,,, කොහොම නමුත් ප්‍රාර්ථනාව සුන්දරයි ....

    ReplyDelete
  5. @ weyanga - කෙච්චර අමාරු වුණත් මේ තමයි සැබෑ ආදරේ. එහෙම නේද යාළුවා? ස්තූතියි සහෝ

    ReplyDelete
  6. ආදරේ අහිමි උනත් ඇයගේ සතුටම පතන එක කොයිතරම් හොද දෙයක්ද? නිශ්.

    ReplyDelete