July 28, 2011

?

දකින්න ආසයි
ඒත් කොහෙද ඔබ ?
විඳින්න ආසයි
ඒත් කොහෙද සිත ?
කියන්න ආසයි
ඒත් කොහෙද ලඟ ?
ලබන්න ආසයි
ඒත් කොහෙද පින ?

8 comments:

  1. දකින්න ලැබුනත් නෙත ලඟ හිඳගෙන
    විඳින්න බැරිනම් හිතුවට පල නැත
    කියන්නෙ කොහොමද මා අන් සතු වග
    ලබන්න පින් නෑ පමාව හින්දම

    ReplyDelete
  2. දරුව කම්සැප ලබාගැනීමට පින්කිරීම නම් වටිනා දෙයක් නොවේ....

    ReplyDelete
  3. නියමෙට ගලපලා තියනවා ...

    එල ......

    ReplyDelete
  4. ලස්සන පද පේලි ටික.
    දකින්න,
    විඳින්න,
    කියන්න,
    ලබාගන්න පින් විතරක්ම ප්‍රමාණවත් නොවේ.

    ReplyDelete
  5. හ්ම්...“?“ කවිය ලස්සනයි..!
    ඇත්ත “දිල්“ගෙන්..ආහ්..නැ
    පිළිතුරු පද “දිල්“ගෙන්..
    ...
    කවියක්නෙ...

    ReplyDelete
  6. @ දිල් -
    ඔබව හමුවු ඒ පමාව හින්දම
    හිතින් විඳවමින් දිවා රැයේ හිම
    බලා ඉඳිමි නෙතු පියන් හැරන් ඉම
    අනේ ඉතින් තවමත් මා තනියම

    @ indi - එහෙමයි එහෙමයි

    @ පන්සල් හංදිය - බොහොම ස්තූතියි සහෝ

    @ Weyanga - හ්ම් හ්ම් ඒකත් ඇත්ත

    @ රසී සහෝ - ස්තූතියි යාළුවා. හ්ම් තිත්ත ඇත්ත දිල්ගෙන්. කියාගන්න බැරි ඇත්ත. කවියකින්

    ReplyDelete
  7. දකින හැම දේම සුන්දර නොවේ
    විඳින හැම දෙයම සැප නම් නොවේ
    කියන හැම දෙයම ආදරයත් නොවේ
    කරන හැම දෙයම පින්කම් නම් නොවේ

    ReplyDelete
  8. හ්ම් ඔබ හරි. ස්තූතියි Chandi

    ReplyDelete