June 6, 2013

සිහිවටනය

පෙරදා ඔබගේ
දසෑඟිල්ලේම නැලවුන
සොරාම මා අයිති කර ගත්
මගේ ඈදුම් බෑගයේ නිදන් ගත
උපන් ලපයක් සේ මතකයේ රැඳුන
පුංචි යතුරු රඳවනය
ඔබටත් තවම මතකද

1 comment: