June 26, 2013

කටු මතකයට උත්තර

යනෙන තැන මරුවැල්ය
ආදරේ ගිනිදැල්ය
ජීවිතය නැතිකල්ය
දැනෙන්නේ තනිකම්ය

සිත් අහස ගැබ්බරද
අත් පසුර හිස්වුනිද
නෙතු කැල්මේ කඳුලැල්ද
ප්‍රේමය ම මියගොස් ද?

අවට ලොව නොම සිතන්
අතීතය අත හරින්
ප්‍රේමයේ සුභ දකින්
ජීවිතය කියවපන්..!

No comments:

Post a Comment