June 16, 2011

ඔය ඇස් වලින් නොපෙනෙන හැගුම්..., මං දුටුවේ නැති තරම්
ඔය සිනාවෙන් සැගවූ සුසුම්..., මට දැනුනේ නැති තරම්
ඔය නිහඩ බව ඔබේ.., පොඩ්ඩක් වත් නොතේරෙන තරම්
කොතරම් කීවත් ඔබ සෙනෙහසින්, මා සිත නොනිදා හඩන තරම්...

4 comments:

  1. ඇහැට ඇහැක් හමු වූ දා සිට මා නුඹට පෙම් කෙරූ තරම්
    මගේ සුසුම් සඟවාගෙන නුඹ හා සිනාසුනු තරම්
    තොර තෝංචියක් නැති කියුම් නිහඬවම අසා සිටි තරම්
    නොනිදා ඉකිලන නුඹ සිත ලඟ මා සිත අසරණ වන තරම්...

    ReplyDelete
  2. මගේ කවිය පල කලට ගොඩක් පින්
    ඒ වගේම ස්තුතියි චතුර සහෝ...
    ලස්සන පිළිතුරක්
    Mini කවි සැමටත් ජයෙන් ජය..!!
    ~ Mahesh4ever ~

    ReplyDelete
  3. මේක කවියක්ද?
    මම හිතාගෙන හිටියේ මිනි කවි කියලා මේකේ නම.
    ඔය ඇඩ්මින්ලාට තෝරලා බේරල කවි දාන්න උවමනාවක් නැතිව ඇති නේද දැන් ?

    ReplyDelete
  4. ස්තුතියි ඇනෝ ඔයාගේ අදහසට...
    Mini කවි වල දිග පළල ගැන හිතුවට...
    ඔයත් උත්සහ කලා නම් වටිනවා...
    එතකොට මේකත් කවියක්ද නොවෙයි...

    ReplyDelete