September 5, 2013

කලු සුදු ආදරය...

එහේ මෙහේ ගිය ඉරි කෑලි
සුදු කොලයට කලු පාටින්
රටා මවපු......
වර්ණ අතර, අතරමං ව
චිත්‍රය ඇදපු....
සිත්තරා මං..

1 ක් විඳලා.:

අල්තයීර්-Altaïr (කරූ) said...

ගල්ව ගිය සායම්
ලිහී ගිය පින්සලෙන්
ඉරි තැලුණ පත මත
පණ යදින යාමයේ
කඳුළු ගත් තෙලි තුඩින්
නිම වෙන්න වෙර දරණ
සිහින සිත්තමක හිමිකාර
සිත්තරෙක් ද නුඹ?

Post a Comment