September 20, 2013

මැජික් බඩු

සුපිරි සාප්පුවේ සැරිසැරු
මැදපන්ති පාරිභෝගික මම වෙමි
වීදුරු පෙට්ටිවල තිබෙනතුරු
එහි බඩු වලට මම බිය වීමි
මිලදී ගත් පසුව ඒ බඩු
බිය විය එහි අලෙවිකරු

5 ක් විඳලා.:

JP said...

ලකුණු කර නොතිබුනාට
භාණ්ඩයේ මිලටම
නොමිලේම ලැබිලා
අලෙවිකරුගේ සිනාවක්
"සර් " පට්ටමකුත්

Black Puma said...

ඒකට ඉතිං මද පන්තියම වෙන්න ඕනත් නෑ. කොයි පංතිය උනත් එකයි

hare :-) said...

මිලදී ගත් විගස
උඩ පන්තියට ගියේද?

සු චේතා said...

නැහැ. බඩු වල ඇති මැජික්මය ස්වභාවය දැක මවිත වුණා පමණයි :-D

sorry.com said...

mind on your business
if you be middle class

Post a Comment