September 13, 2013

සඳ

සඳ ගැන කවියක් කීවා මතකයි
පෙර දින නුඹ මට හැන්දෑවේ...
ඒ සඳ කවුදැයි ඇහුවා මතකයි
දින ගනනක් මම හැම වේලේ...
පිලිතුරු නැත අද නුඹ ගොළුවී ඇත
හෙව්වා හේතුව පෙර වාගේ...
ඒ සඳ මම බව තේරුම් ගත් විට
නුඹ නැත මම ලඟ පෙර වාගේ...

5 comments:

  1. හා නේ හද හොයාගන්න කොට බඩු හම්බෙලා වගේ ප්‍රේෙමට.. පවු අප්පා..

    ReplyDelete
  2. ඔබේ කෙටි කවි හරිම රසවත්. අපි නිතරම එනවා මේ පැත්තට

    ReplyDelete
  3. ආලය අන්ධය
    ඇඟිල්ල දිගු කර පෙන්වූ විටත්
    බලන්නේ ඇඟිල්ල දිහාය

    ReplyDelete
  4. ආලය යනු දර්ශණයකි, එය කාලය සමඟ වෙනස් වේ

    ReplyDelete