July 5, 2012

සම්බුදු මාලිගාව

බලා සතර පෙර නිමිති
අතැර ගිය ප්‍රාසාද
යලි පුදා වදිනවලු
අපේ ගෞතම බුදු සමිදු

5 comments:

  1. වක්කලී මේ කුණු කය
    දෙස නොබලන්න යැයි කියූ
    රියන උස සිමෙන්ති බුදු පිළිම
    ශ්‍රද්ධාවට උඩින්
    වැඩ සිටින ලස්සන..

    ReplyDelete
  2. අනේ සාදු සාදු කිය කියා
    නිතින් වඳිමි දණ නමා
    සුවඳ මලින් සරසලා
    වැතිර වඳිමි බුදු පියා

    ReplyDelete
  3. නොදත් පන්සිල් වල තේරුම
    කිසිත් නොගනී හේ අටසිල්,
    එහෙත් රකිනා බෝ සිල්,
    තෙරුන් හට ඔහු නගයි අවලාද

    වරද නිවැරදි නොවේ අනුන්
    බැන්න මුත් බෝ වචනයෙන්
    වරද එලෙසම දැකම
    යන්න පිය මැන විම්මුඛිය වෙත

    සසර බෝ රුදු සයුර මෙන්
    නැතේ අන් සරණක් ඉතින්
    තමන් සරණම නැති වුනොත්
    අනුන් ඇද ඒවිද පිහිට මෙන්?

    ඒ නිසා සැදැහින්,
    කෙනෙක් නම් බුදු සමිඳු,
    දෙයක් නම් අම දහම්
    රැසක් නම් සඟ රුවන,
    එපා තනි තනි අයවළුන්.

    ReplyDelete
  4. තනා සත් මහල් පහය
    සුදු සදුන් දැව යොදා
    අනේපිඩු සිටු පුදති
    සුවද කුටියක් තනා

    බලා සතර පෙර නිමිති
    අතැර ගිය ප්‍රාසාද
    යලි පුදා වදිනවලු
    අපේ ගෞතම බුදු සමිදු

    අනුරපුර පොලොන්නරු
    පුරා ඇති ප්‍රාසාද
    පිදුම් ලද බුදු සමිදු
    මහා පින් කදක් මය

    ඇත රත්නප්‍රාසාද
    ලෝවමහපහය සහ
    රන් වියන් බැදි ගෙවල්
    පිදුනි මහ රහතුන්ට

    ReplyDelete
  5. වත්මනේ බුදුවන්න
    ඒවත් උවමනයි
    කියන්නේ ඔබ
    මැටි ගේක හිඳ
    බණ කියන්නද?

    ReplyDelete