July 11, 2012

ශ්‍රද්ධාව

උනා ගත රැඳි
නුරා සළුපිලි
දරා ගත
ධවල සළුපිලි
පොහොය දිනයට
පිලිවෙතින් ඩමි

3 comments:

  1. පොහොයටත් නැත ගොසින් පන්සල්
    බලයි ඕපාදුපයන්
    සැදැහැ සිත් මනිනා අනුන්ගේ බැලුවෙද ඔබ
    ඔබ දිහා?
    එහෙව් ගති ඇති මෙහෙව් අය ඩමි
    තරම්වත් හොඳ වේවිදෝ?

    ReplyDelete
  2. ඩමි වුවත්
    වෑයම පින නම්
    පලක් නැත
    පිට ඔපෙන්

    ReplyDelete
  3. තමනුත් රැවටී
    අනුන්වත් රවටන
    ශ්‍රද්ධාවෙන් කියූ ධර්මය
    මුවින් පමණක් හිත නොවැද
    නිවසට පැමිණි ඇසිල්ලේම
    අධර්මය කරති ඩමි

    ReplyDelete