July 30, 2012

මැරුණා නං....

හිතෙනවා මට
මැරිලා බලන්ට
කොමෙන්ටු වැටෙනා හැටි
මගේ බ්ලොග් එකට

16 comments:

  1. මද්දුම බන්ඩාර නම් කිව්වෙ
    අයියන්ඩි බිය නොවන්න
    මැරෙන හැටි මම පෙන්වන්නම් කියලා..

    ඉතින් අපිත් කියන්නම්
    අක්කන්ඩි බිය නොවන්න
    කෙමෙන්ටු වැටෙන හැටි
    අපි පෙන්නවන්නම්..

    :)

    ReplyDelete
  2. කමෙන්ට් ඕන නම් අපට කියන්ඩ. මැරිලා බලන්ඩ ඕන නෑ.
    අපි කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  3. හප්පේ...... නැහැ මං මේ නිකමට කිව්වේ.......... අපේ මැරුණු බ්ලොග් සහෝදරයින්ගේ බ්ලොග් වලට ගිහින් බැලුවහම ඒවා කොමෙන්ට් අතින් වාර්තා පිහිටුවලා තියෙන හැටි දැක්කහම...... මටත් නිකමට හිතුනා කවදා හරි මේ හැම බ්ලොග් එකක්ම වාර්තා පිට වාර්තා පිහිටුවයි නේද කියලා...... හැබැයි වැඩේ තියෙන්නේ මේ දෙසැම්බර් මාසේ අර වැඩේ වුනොත් එහෙම, ඒ වාර්තා වැඩේ අසාර්ථක වෙයි......

    ReplyDelete
  4. වැඩිමනත් කියයි
    මෝඩ අම්මණ්ඩියෙක්
    ඉතින් මැරියන්
    කොමෙන්ටු බලන්ඩ

    ReplyDelete
  5. කවි වලට ගෑණු පිරිමි කං
    හොඳ නැහැ දෙන එකනං
    :)
    එතකොට මං කියනවා

    කවිය කියවාපං
    කවියා නොකියවාපං

    ReplyDelete
  6. එම්බා දරුව,
    තොප කුමන මංගල්ලයක් නම්,
    තෙපලන්නෙහිද?

    එසඳ,
    මා තනිව,
    වියුණුව ඇදගෙන යනු කෙලෙසකද

    එසේ හෙයින්,
    තොපට පවසමි මෙලෙස,
    පික්ෂු නම් නොකෙළිනු මැන,

    මියෙන්නට පළමු,
    චැට් එකෙන් වත්,
    මාහට දැනුම් දෙනු මැන...

    ReplyDelete
  7. හරි හරි මෝඩයෙක්
    කියමුකෝ හෙනම්..
    ඒකයෑ කාරිය මෙන්න
    මෙතනත් ඇවිත්

    ගත් පුංචි තීරණය
    වෙනස් වන්ටත් හැකිය
    ඒත් කියලම පලලු
    බ්ලොගෙ බූදලෙට ගන්න ;)

    ReplyDelete
  8. දැනුම් දෙමි
    දැනුම් දෙමි
    නොබා පසු වෙව
    මා හිතාදර මිතුර

    තේ කෝපි
    සාදාගෙන
    විස්කෝතු සමගින්
    පිරිනමන්නට
    දින හතක් පුරා
    බ්ලොගෙටම වී
    ඉන්නට සිදුවෙයි
    නුඹ හට

    දුක්බර සිතින්
    දිග කොමෙන්ට්
    දමන්නන් හට
    දෙන්න ඕනෑ
    කිරි කෝපි සමඟින්
    සැන්ඩ්විචස්
    'නිවන් සුව' හෝ
    'ඔනිසුඅවේ' යනුවෙන්
    කියන කම්මැලියන් හට
    දෙන්න එපා එක
    විස්කෝතු රොඩ්ඩක් !!!

    ReplyDelete
  9. පික්ෂුද බං
    මා හිතාදර අක්කේ
    උන්දැ ඔය කියන්නේ
    කියලා පල යන අහක
    වසා දමා මේ උලව්ව
    මාත් පැත්තකට වෙන්ට
    කියලා නෙව

    ReplyDelete
  10. ඕක හරියන්නෙ නෑ

    හවුල් බ්ලොග් එකකට

    ReplyDelete
  11. අහා ඇත්තට
    දෙන්ටෙපා යන්න
    ඇබ්බැහිය කර ගත්තේ
    දුක් ගොඩක් විඳල නෙව

    උන්දෑගෙ ලස්සන
    අරුත්බර සටහන්
    පුංචි උන්හට දුන්නු
    පිනම ඇති බොට ඔන්න

    යන තැනක උඹ
    නොකියාම පලයන්
    හොරෙන් චැට් එකේවිත්
    කියපිය විතරක්ම මට ;)

    ReplyDelete
  12. මැරිලා "බලන්නෙ" කොහොමද?

    බලන්න පුලුවන් නම් මමත් කැමතියි!!!

    ReplyDelete
  13. @ තනෝජා,

    / ගත් පුංචි තීරණය
    වෙනස් වෙන්ටත් හැකිය,
    ඒත් කියලම පලලු,
    බ්ලොගෙ බූදලෙට ගන්ට, :) /

    කිසි විටෙක නොසිතුවෙමි,
    එලෙස තුන් සිතකවත්,
    අහෝ ඔබ කියුම් බස්,
    තවයි මා සිත් සතන්,

    එසඳ ඒ මොහොතේම,
    නැඟී රට ඉඳි රුකෙක,
    ගෙලින් වැලලා ගනිමි,
    එසැණින්මැ මියෙන්නෙමි. :( :( :(

    ReplyDelete
  14. @Ravi,

    නැගුණිනම් ගසක ඒ
    අනේ රටඉඳි ටිකක්
    කඩා මා වෙත එවා
    නැගු නැවත ඕනෙනම්

    ------------------

    අනේ අයියණ්ඩියෙණි
    සමාවුව මැන හෙනන්
    තුන් හිතක් කාගෙවත්
    දකිනු කෙලෙසක මෙමම්

    දනිමි නුඹ ලියන්නේ
    කාන්සිය හැර ගන්ට
    හැකි නමුත් පුරවන්න
    කම්මැලිය බව දනිම් ;)

    හැබැයි තව බෑ වාද
    යන්ට ඕනෑ මෙමට
    අර කෙල්ලො දෙන්නාම
    බලන් ඇති මඟ දැන්ම :)

    ReplyDelete
  15. එහෙනං
    අපිටත් බලන්ට තිබ්බා
    සමහරු
    මරණේ මාර්කට් කරං
    හිට්ස් එකතු කරන හැටි! :D

    ReplyDelete