June 24, 2012

සිතක් තිබුණු බව දැණුනා
මට පෙම් කරතැයි සිතුණා
මගේ දෙනෙත් දල්වාගෙන
නුඔ එනතුරු මඟ බැලුවා....

මේ දුක සැපතක් සිතුණා
ඔබ ගැන ආදරේ පිරුණා
මගේ පුංචි හිතත් අරන්
ඔබේ වෙන්න මඟ බැලුවා..

පෙර භවයක  පිං අරගෙන
ඔබගේ මනාලි වෙන්නම්
මියෙනතුරා ඔය පපුතුර
මගේම කර දෙනවානම්....

2 comments: