February 24, 2014

පෙම්බරී

නාහෙට අහන්නැති
පෙම්බරී...නුඹ මට
ඉහල ගියත් එකයි
පහල ගියත් එකයි

නහය ගාවට ගිලුන
මගේ නහයට උඩින්
අඟලක් ගියත් එකයි
දෙකක් ගියත් එකයි

නුඹ හන්දා ජීවිතේම
පටලා ගත් මට දැන්
උන්නත් දාහයි
මලත් දාහයි

1 comment:

  1. ඉඩ දෙන්න
    පෙම්බරිට
    ඉහල හෝ
    පහල යන්න...

    ඇය නිසා
    මැරෙන්නැතිව
    පුළුවන් උනොතින්
    ජීවත් වෙන්න
    ...
    එහෙනම් දැනගන්න
    දාහක් නොව
    ඒ ජීවිතය
    කෝටියක්
    වටින බව....

    ReplyDelete