August 20, 2011

හැබෑව

අහිමිවි යන නුඹ
ඇවිත් කීවා මට
අහිමිව යනවග
සිහිනෙන්

හැබැවක් වුනු
එකදු සිහිනයක්
නොවේ යැසි සිතු
සිතට ලැජ්ජයි

අහිමි වන්නට පරෙම
ඔව ඇවිත් සිහිනයෙන්
කිව් නිසා අදින් මට
අහිමි බව සිහිනයම

2 comments:

  1. හැම දෙයක්ම අනියත මේ ලෝකේ, නියත දෙයක් තියෙනවද? ලස්සනයි.

    ReplyDelete
  2. කතාව ඇත්ත...
    ස්තූතී.. :) :)

    ReplyDelete