June 14, 2013

පිළිම අඹන්නා

මිනිසුන්ගේ
විශ්වාසයන්
මැටි පිඩකට
ගොනු කරමි

June 13, 2013

අපහරණය

කෙලෙසීය තම කැකුල
පුබුදුලුවලූ පියාම
දිලිඳුකමට එරෙහිව
ඉසුරු සොයා
මව් නැව් නැගි සැනින්
පරෙස්සම ඈලියාවට ගිය හැටි

June 12, 2013

මාර පාර

පාර දෙපස
ගස්වලට ලොල්ව
දේශපාලුවා
පාර පළල් කලා

June 11, 2013

මංගල මුදුව

වෙදඟිල්ලෙ සිර කල
රන් බෙරලයෙන්
ලොවම දුරස් කර
එක්ටෙම් ගත කල වගයි

June 10, 2013

චූචි චීචර්!

ටීචර් නැති
පන්තියක්
ලෝකය

June 7, 2013

උදෑසන

තණ අග රැඳි
පිණි බිඳුව
මරණය අයදින
ජීවිතය

June 6, 2013

සිහිවටනය

පෙරදා ඔබගේ
දසෑඟිල්ලේම නැලවුන
සොරාම මා අයිති කර ගත්
මගේ ඈදුම් බෑගයේ නිදන් ගත
උපන් ලපයක් සේ මතකයේ රැඳුන
පුංචි යතුරු රඳවනය
ඔබටත් තවම මතකද

June 5, 2013

දෙවියන්ද ෆන් ගන්නා සේක!


දෙයියො ලෝකය මැව්වෙ
අපිට ආදරේට නෙවෙයි
උන්දැට ෆන් එකේ ඉන්න

දැන් තමයි උන්දැ
හොඳටම ෆන් ගන්නෙ

අපි තමයි උන්දැට
හොඳට ෆන් දෙන්නෙ

June 4, 2013

ප්‍රේමාන්විත රංගනය

මල් යහනේ සතපවා සිනිදු සේල වින්දනය..,
ගෝර කටු මැද කදුළු සලා විලාපය..,
සියල්ල නිමාවිය.
උන්ද දැන් මහලුය..

June 3, 2013

ඔළුව පලන වීඩියෝව දැක්කද?


කාර්යාල ජීවිතයේ
දවස පටන්ගන්න කලින්
කලින්දා ප්‍රවෘත්ති අහන්න

දැක්කද අර වීඩියෝව
ඔළුව හතරට පලන
ටීවි එකේ ගියා
අපි ඔක්කොම බැලුවා