May 10, 2013

ඈ නිළියක් නොවේ


වෙඩිම පුරාවට
මනාලිය සිනාසුනා
ෆොටෝග්‍රැපර් හතර අතට
‘හා දැන් අඬන්න‘
කණට කර ඔහු කීවා
මනාලිය අඬන්න ගත්තා
ෆොටෝග්‍රැපර් හතර අතට

6 comments:

  1. දැන් මගුල් ගෙවල් කියන්නේ තනිකර ටෙලිනාට්‍යයක් රෑ ගැන්විමක් තමා.. නිර්මාණය නියමයි සොයුර

    ReplyDelete
  2. මිත්‍රයා , මම මේක රසවින්දා ..ටිකක් ගෙනියන්නද කතාව තව ටිකක් ඈතට?

    දවස පුරා
    ඇගේ සැම ඉරියව්වක්ම
    අහුලාගති , ෆෝටෝග්‍රෆර්
    හතර අතින්
    ඇගේ අබිනයන් , ඔහුගේ නියමයට


    ඒ දවල් ..... දැන්


    දැන් ඉරු ගිලි ගොස්
    තනයි තනි ඉටි පහනක්
    මකන්නට කළුවර
    නිවී යයි දල්ල ලජ්ජාවෙන්
    උණුහුම් හාදු ගැටෙත් තොලඟ
    ඈ ගෙල හැරේ ඉබේටම
    ඈ නෙත් සොයත්
    ෆොටෝග්‍රෆර්

    ReplyDelete
  3. එහෙම නැති තැන්වල
    මගුලට පස්සේ
    වැඩට යන කපල්වලට
    හෙන ප්‍රශ්ණ
    කෝ
    තැන්ක්යූ කාර්ඩ්
    කෝ වෙඩින් ඇල්බම්?

    ReplyDelete
  4. නෑ නෑ.. මේ පොටෝග්‍රැපර්
    වෙඩිම එයාගෙ කරගෙන

    ReplyDelete