November 26, 2012

අප්පච්චි ලා.....

ගිනිගහන අවුවේ
කුඹුර මැද්දේ ඉදගෙන
කරේ තියෙන ලේන්සුවෙන්
දාඩිය පිහිදන මගේ අප්පච්චි,
රූප පෙට්ටියෙන් මතුවෙලා
කූල් කරපු කාමරයක් අස්සේ ඉදගෙන
ගොවියගේ ප්‍රශ්න විසදන්න
බොරු පොරොන්දු දෙන
ආඩම්බරකාර අප්පච්චිට වඩා
සිය දහස් ගුණයක්
උඹව මට වටිනවා.....

3 comments:

  1. සියළු ගොවි අප්පච්චිලාට නිදුක් නිරෝගි බව ලැබේවා!

    ReplyDelete
  2. ගිනි අව්වේ දහදිය හෙලනා සියළු අප්පච්චිලාට මෙය උපහාරයක්ම වේවා!
    හරිම ලස්සනට පද ටික ගොනුකරල තිබ්බා රත්ගමයා මල්ලි.

    ReplyDelete