November 19, 2012

ආයෙමත් ඒ තරු

දල්වමින්
ජීවිතේ සැණකෙළි
අහස සිපගත්ත සේ පෙණුන
මල් වෙඩිලි
නිවී ගිය ඉක්බිති

මෙන්න යළි
අතීතෙට අයිති
අර
මලානික තරු කැබළි

1 comment:

  1. ජීවිතේ එක්තරා නිමේෂයකදී මටත් දැනුන දෙයක්

    ReplyDelete