December 13, 2013

අනවසර පිටපත

මංම ලිව්ව මගේම කවි
මං යනකොට පාර දිගේ
මට විකුණනවා
කන්න බොන්න නැති වුනාට
අතේ සතේ හිඟ වුණාට
මංම ලිව්ව මගේම කවි
සල්ලි දීලා ගන්න හිතෙනවා
"ගන්න සර් ගන්න අයියේ
අපේ කාලේ කලා ලෝකේ
නමක් තියලා මැරිලා ගියපු
කවියෙක් ලියු පට්ට සිංදු"

3 comments:

  1. රේල් පාරේ මම යනකොට කඩල බදිනවා
    කඩල හුන්ඩුවෙන් මැනලා ගොට්ටේ දානවා
    දිගාරුනු කරදාසියේ පෙල ගැසි ලියවුනු කවි පද
    කඳුලු පෙඟුනු රාත්‍රියක පෙරදින ලියවුන
    කවුරු කෙසේ විසි කලාද කඩල ඔතන්නට?

    ReplyDelete