April 25, 2013

පිළිමය

අවුවට කරවෙමින්
කුරුළු බෙටි
වැස්සට හේදී යමින්
පිළිම අඹන්නාගේ ගෙමිදුලේ
විකුණන්ට තිබූ පිළිමය
නොදුටු මිනිසුන්
එය හන්දියක
මලසුනක් මත ඇටවූ පසු
නමදිමින් යන අපූරුව!

3 comments:

  1. ඒක තමයි කියන්නේ
    හැම දේම
    ඔෆීෂියල් නැති වෙලාවට
    කවුරුද සීරියස් ගන්නේ?

    ReplyDelete
  2. වැදගත් වෙන්නේ මම හිතන්නේ ආකල්පය කියලා බන්.

    ReplyDelete
  3. ;-)

    ආකල්පය තමයි මචෝ වැදගත්. මේ කවියෙ තියෙන්නෙ ආකල්පය වෙනස් වෙන විධියක් ගැන.

    ReplyDelete