February 10, 2012

ඔන්න මං අඩනවා

මගේ හිතම රිද්දල
බිඳෙන් බිඳ
එක පිට ඇවිත්
ඇස්වලින්
කඳුළු කැට
පනින්නට හදනවා
දකිනවුන් දැකපුදෙන්
ඕනෙකක් හිතපුදෙන්
එහෙම නම්
ඔන්න මං අඩනවා

3 ක් විඳලා.:

Sammani said...

රිදුනු හිත හැදෙනකන්
කදුලු කැට වැටෙනකන්
අඩාපන් අඩාපන්
දකින උන් දැකපුදෙන් .....

යළිත් මතු දිනයකදි
හිත රිදෙන මොහොතකදි
නොපැකිළම හිනැහෙන්න
පන්නරය ලබාපන් ........

වර්ණා said...

ලස්සනයි

ඔබ නොදු‍ටු ලොවක් said...

ඇති වෙනකං අඬන්න...

Post a Comment