September 29, 2014
සමනල් විය
ආදරෙන් දැන් බැලුවට
එදා පිළිකුල් කරපු දළඹුව
මමයි ළමයෝ.....
September 26, 2014
බැලුම් කවි
ඉරණම මගෙ පිපිරීමයි
ඒත් කඳුළු දැකුම දුකයි
එපා තවත් පුම්බන්නට
මාව චූටි දුවේ........
September 24, 2014
ව්‍යාධි
හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි
September 22, 2014
අමාවක
තාරුකී මං හෙට ඕෆ්
වැඩක් ආවොත්
පොඩ්ඩක් බලනවද?
September 19, 2014
විප්පයෝගෝ
සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....
September 17, 2014
රැකීම
අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......
September 15, 2014
බාදුරා ඇරයුම
සබඳ බඹර,
පියාසැරියෙන් වෙහෙසවීද
එන්න
මේ මධු බී
ගිම් නිවාගන්න...
September 12, 2014
බස් තොරණ
දෙවිවරුන් මැද
බුදුරදුන් වැඩ
විහිදුවති රැස්
නිවී දැල්වෙන.....
September 10, 2014
විත
අඩක් පුරවා
රාගයෙන්
සැන්ඩි කළෙමි
ඉතිරි අඩ
ආදරයෙන්.....
September 8, 2014
මතට තිත
තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)