June 13, 2014

නයි නළඟන ගේ පුතා

නයි පැටි පුතේ 
රන් කැටි මුවට, ඒ කිරි නයි රහද 
උබේ අම්මව  
කැලෙන් ගෙනැවිත්,  නලා පිම්බම  
නැටුවෙ ඇයමයි
මට බය 
උබත් නයි විස වෙයිද 
දන දුටු ලැමත් 
නොදුටු ලයත් දකින කොට 

1 comment:

  1. ලැම දකින දනෝ කිසිවිට
    නොදකිති ලය ....
    එහෙත් පත්තිනි මවුන්ගේ මෙන්
    කිරට හැරෙන්නත් ඇයගේ ලෙය

    ReplyDelete