June 30, 2014

දේශය මරා ප්‍රේමීයා තනමි

මේ පොළොව
අපේය,
විසිය යුත්තේ
අප පමණකැයි,
එකෙක් කීය......
අනුමත කළෝය,
සෙස්සෝ.....
"දේශප්‍රේමියෙකැයි"
නොපමාව පැවසූහ.
මේ පොලොව
අප සැමගේය...
සියල්ලෝ එක්ව විසිය යුතු,
තවකෙක් කීය...
තොල් කණපිට
හැරලූය සෙස්සෝ.....
"උන්මත්තකයෙකැයි"
සිරගත කළහ ඔහු....
නොපමාව...................

1 comment:

  1. ඔව්...
    උන් උන්මත්තකයො...
    හෙටට යමක් ඉතුරු කරන්න හදන උම්මත්තකයො...

    අපූරු කවිය ... ගයාත්‍රි...
    ජයවේවා

    ReplyDelete