March 14, 2014

මොණරනැටුම් ගලට එන්න

වැහි බීරිම පාත් වෙච්චි
බක්මාසේ ළඟ දවසක
හීතල මීදුමත් එක්ක
මොණරනැටුම් ගලට එන්න

දිය සීරා රුරා යන
මොණරු නටන නැටුම් ගලට
පෑයුවත් හඳ නොපෑයුවත්
මොණරු එක්ක ගී ගයන්න
මතක ඇතුව කලිං එන්න

තරු වියනට යටින් එළුව
වැහි බීරිම යටින් ඉඳන්
තරු කීයක් පේනවාද
ගණන් කරලා මට කියන්න

2 comments:

  1. එන්න එන්න එන්න උතුරුකරෙන් එන්න............... හි හි

    ReplyDelete

  2. වැසි වසීවි
    උන් නටාවී
    අපි තෙමි තෙමි
    බලන් ඉඳීවී

    ReplyDelete