March 10, 2014

සමානාත්මතාවය

මේ මහ පොළොව
ගැඹුරෙහි
වැළලී ඇත,
සාපලත් අතීතයක
නටබුන්,
මගේම සොයුරන්
ඝාතනය කළ
මගේම සොයුරන්ද,
කුටුම්බයෙන් උදුරාගත්
සැමියන්ද,
මව්වරුන්ගෙන් වෙන්කළ
පුතුන්ද,
උනුන් එකිනෙකා සමඟ
නිදයි මෙහි,
මහ පොළොව
සමව සළකයි
සිහලුන් වුව, දෙමළුන් වුව
මුසල්මානුවන් වුව
නොදිරා ඉතිරි නොවේ.

3 comments:

  1. ස්වභාව ධර්මය කිසිවකුට වෙනස් කල නොහැකිය

    ReplyDelete
  2. එල
    යලි ඉපිද යලි මියයමි
    නොදනිමි ලබන ආත්මයේ
    මුසල්මානුවෙක්ද
    සිංහලයෙක්ද
    කතෝලිකයෙක්ද

    ReplyDelete