November 6, 2013

නෙළුම් මලේ පෙති කඩලා

වැවේ පිපුණු නෙළුම්
වටේ නටපු බමරුන්
පරිසර පද්ධතියක සතුන්
ගැවසුනා උදෑසන

වැවේ පිපුණු නෙළුම්
දුටුවා අන්ධ වූ දෑසක්
මිටි පිටින් නෙළූ නෙළුම්
ඇදුණා පුද බිමට

නෙළුම් ගොඩක් සීයයි
පූජා වෙන්නට ගොසින්
වැව දැන් මූසලයි
එහි නැත දැන් නෙළුම්

2 comments:

  1. වැවක් නොපෙනෙන මානෙක
    නෙලුමුත් නැති
    නෙලුම් පොකුනක් ඇති

    ReplyDelete
  2. චාටර් නේද මොන වුණත්?

    ReplyDelete