January 30, 2013

ක්ෂිතිජයේ යතාර්ථය

සොඳුර නුඹ සයුරකි......
ආදරය, සෙනෙහස දෝරගලනා
ගිලී සිටින්නට සදාකල්, ඒ ආදර සයුරේ
සිතුවත් මා....
වටහා දුන් විට ඔබ, හිරු සයුරේ නොගිලෙන බව
වටහා ගත්තෙමි... ක්ෂිතිජයේ යතාර්ථය.........

6 comments:

  1. එහෙමනම් හවසට හවසට ඉර කොහෙද යන්නේ ?

    ReplyDelete

  2. දෘශ්ටි මායාව.... මොන තරම් ලස්සනද?

    ReplyDelete
  3. මායාවත්, යථාර්තයත් අතර ඇත්තේ නූල් පොටකි.

    සැලෙන මන,
    ලේසියෙන් සොලවයි නුඹව, ඔබ මොබ අතර නිතරම, නූල්පොට තරම, එතරම් නොවන නිසා ඝණ කම.

    නොසෙල්වෙන මන, හිමි මා මිතුර සක්මන, නවතා සිටින බව දැන, දැනුනා සතුට අපමන.

    ~ නුඹේ මිතුරා ~.

    ReplyDelete
  4. මිතුර ඔබන් ලද ඔවදන මිලකල නොහැක මා හට,
    සිහියේ තබා ගනිමි සැමදාටම, නූල් පොටෙහි කතන්දරය.....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අතීතය සිදු වී හමාරය,
    අනාගතය කුමක්දෑයි අප නොදනී,
    එහෙනම් කුමටද අපි තෑවෙන්නේ,
    ගෙවෙන වර්තමානය සතුටින් ගත කරමු.

    ReplyDelete