May 16, 2012

සොලොස් කලා සපිරි සඳ.

රන්වන් ව දිදුලයි..
ලං ව බැලූ විට,
අඳුරු පැහැති,
ආවාට පෙනෙයි!!

May 15, 2012

වීරයා මැරිලා

මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        යමන් මචං
    
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        සොරී මචං

May 14, 2012

නුඹ වෙනුවෙන්..

දිරි ගමි තවත්
නැත වෙහෙසක්
තව දැනුනේ..

May 13, 2012

නිදහස

ලිහිණිය ,
අප
නිදහස් පියාපත්
අතැතිව

අනුන්ගෙ කූඩුවල
නිතරම .

May 12, 2012

ලොකුඅම්මගේ දූවරු

ඉන්නකල්
නොසැලකුව තොපිලගේ
කඩු
මියෑදුනාම
කොස් කොටන්නද..?

May 11, 2012

ඔබ....

නිදා සිට එක් සිහිනයක
අවධිව බැලුවෙමි
අතරමඟ
“හැර ගොස් ඇත”

May 10, 2012

අපරාද කඳුලු, සුසුම්

නිකරුනේ ගැලු
කඳුලු අරගෙන
තෙමන්නට තිබුනා
වැසි නැති ගොවි බිමක්

නිකරුනේ හෙලි
සුසුම් අරගෙන
හමන්නට තිබුනා
සිහිලසක් නැති නුවරක් උඩින්

May 9, 2012

...අහිමි වූ කවිය...

ඇස රැඳුනු, හිත වැදුනු
තැන ඇදුනු, මගෙ කවිය
හිත බිඳුනු, ඇස ඇඬුනු
තැන වැසුනු මගෙ කවිය

May 8, 2012

මිදීම

විරාගී පිලි දැවටි
අනුරාගී කය,
සිඳ ගනිත් වල
කල දුටු කල

May 7, 2012

හුදෙකලාව

පාළුවෙන් හදවත වෙලා
තනිකමෙන් හෙම්බත් කරවන
‘හුදෙකලාව’
බැඳීම් වලින් ඈත්ව
අතීතයේ මතකයන් අවුස්සන
‘හුදෙකලාව’
වියළි ඇස් තෙතබරව
කඳුළු ක්ෂණ ඇහැරවන
‘හුදෙකලාව’
ඔබ වෙන්ව ගිය තැන හිඳ
ඉඳිරියට පෙරමං වසන
‘හුදෙකලාව’