September 7, 2015

නුදුරු දිනෙක
මා නොදන්නා නුහුරු තැනක
ප්‍රාණය වියැකී ගිය මගේ මෘතදේහය
ඔබ යනෙනා අතරමඟ ඔබට හමුවෙයි...

අඩවන් සිනාවකින් සැරසී ගිය
මගේ සුදුමැළි මුහුණත දෙස
කුළුඳුල් සිනාවක් හෙළනු මැන

විසිවී ගොස් කැබලි වෙන්වූ
ඔබේ දයාබර මතකය
මිය යන මොහොතේ
අවසානයේ මට සිහිවිය

එතැන් පටන් ඔබ යනෙනා අතරමඟ
ඔබ හට තනියක් දැනෙනා මොහොතක
විසිරී හිඳින අහස දෙස බලනු මැන

අකාශය පුරා දියවී ගිය මගේ විඩාබර ආත්මය
වළාකුළකට නැඟ
සිසිලක් වී ඔබ සමඟ පැමිණෙනු ඇත.

1 comment:

  1. මිය යන මොහොතක ඉතිරි වු සිනහවක්, කැබලි වූ මතකයක් තුළින් පැන නැගුනානම්, ඒ එක්ක හිනා වෙන්නට පුළුවන්ද, ඒ බව නොදන්නා අපේක්ෂාවකට.....?http://syberheartblog.blogspot.com/

    ReplyDelete