September 11, 2015

වියළී ගිය වැලි කැට අතර නූපදින වග ප්‍රේමය
මඟ හමුවෙන අනන්ත වාරයක
පවසා තිබුණි සුළඟට!

---------------------------------------------------

අහස් දියෙන් පිරී ගිය
ඉතා විරල ඝන වළාකුලක්
ගසාගෙන විත් සුළඟට
මහා කතරකට හරි ඉහළින් නැවතී හිඳින!

මා සබඳ,
වළාකුල
පාවී පාවී යනු මැන ඈතකට
ඈතින් පෙනන මිටියාවත දෙසට

ගඟ දිය දොළෙන් පිරී ගිය
ඒ මිහිරි මිටියාවේ හිඳ
හෙලනු මැන තුටු කඳුළක්
නොපෙනෙනා මුත් මා නෙතට
ගයනු මැන තුටු ගියක්
තුරු වැල් මල් පඳුරු ගැන
නො ඇසෙනා මුත් මා සවනට

No comments:

Post a Comment